ජුලි 07 වැනිදා ඥානසාර හිමිගෙන් ඓතිහාසික තීන්දුවක්

රටෙහි ඉදිරිගමන පිළිබඳ ඓතිහාසික තීන්දු හා යෝජනා කිහිපයක් ප්‍රකාශ කරන සඟ සමුළුවක් මහනුවරදී එලඹෙන ජුලි 7 දා පවත්වන බව බොදුබල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.

භික්ෂුන් වහන්සේලා 10000 ක පමණ පිරිසක් මෙම සමුළුවට සහභාගි කරවා ගන්නා බව උන්වහන්සේ පැවැසීය.

ජාතියේ ඉදිරිගමන තීරණය කරන යෝජනා කිහිපයක් මෙහිදී පාලකයන් වෙත ඉදිරිපත් කරන බවත් ඉස්ලාම් අන්තවාදය කුරාණයේ ඉගැන්වීම් අනුවම පරාජය කළ හැකි ආකාරය සියලුම ආගමික නායකයින් වෙත මෙහිදී ඉදිරිපත් කරන බවත් ඥානසාර හිමියෝ පැවැසූහ.

Leave A Reply

Your email address will not be published.