දලදා මාලිගාවේ උඩ මළුවේ මාරාන්තික උපවාසයක යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහයෝගය පල කිරීම සදහා අද දිනයේ මහනුවර නගරයේ සියලුම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට තිරණය කර තිබේ.
මහනුවර සිංහල වෙළද පෙරමුණේ ලේකම් වජිර කීර්ති මහතා සදහන් කරන්නේ අද පෙරවරුවේ මහනුවර නගරයේ සියලු ව්‍යාපාරකයින් පා ගමනින් රතන හිමියන් උපවාස ස්ථානයට ගොස් සහයෝගය දක්වන බවයි.
මෙම කටයුත්ත සදහා සහයෝගය දැක්වීමට නගරයේ ද්‍රවිඩ වෙළද සංගමයද කැමැත්ත පල කර තිබේ.