හෙට දවල් දොළහ වෙනකම් ආණ්ඩුවට කල් දෙනවා… නැත්නම් රටේම සැණකෙළි බලා ගන්න පුළුවන්..

පුජ්‍ය අතුරලියේ රතන හිමි උපවාස කරන ස්ථානයට උන් වහන්සේගේ සුව දුක් බැලීමට ගිය ගිය පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කළා.

මේ තක්කඩි දේශපාලඥයෝ තුන් දෙනෙක් ගේ කුණු පංචස්කන්ධය වෙනුවෙන් හාමුදුරුවන්ට දුර්වල වෙන්න මට ඉඩ දෙන්න බැහැ. අපි ආණ්ඩුවට කල් දෙනවා හෙට දවල් 12 වෙනකම්. නැත්නම් ඉතිං මුළු රටේම සැණකෙළි බලා ගන්න පුළුවන්.
සහරාන් ට උදව් කල තිදෙනෙක් හිස්බුල්ලා විසින් නැගෙනහිර හෝටලයක සිට තමන්ගේ රථයෙන් ගෙනයන වීඩියෝ දර්ශන තමන් ළඟ ඇති බවත්, ඒවා එලියට දාන්න කලින් එක්කෝ ඉල්ලා අස් විය යුතු හෝ ඉවත් කළ යුතු බව උන් වහන්සේ පැවසුවා.

අද උන් වහන්සේගේ සුව දුක් විමසීමට බොහෝ පිරිසක් පැමිණ සිටියා.

Leave A Reply

Your email address will not be published.