උපකාරක පංතියකට ගොස් ආපසු නිවසට යමින් සිටි දැරියක් බලහත්කාරයෙන් කැලයකට ඇගෙන ගොස් අතවර කිරිමට තැත්කල සිවිල් ආරක්ෂක නිළධාරීයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම දැරිය උසස් පෙළ පංතියක ඉගනුම ලබන දහ අට හැවිරිදි දැරියක් වන අතර බලන්ගොඩ තැන්න ප්‍රදේශයේ මහ මග රැකගෙන සිට ඇති සිවිල් ආරක්ෂක නිළධාරීයෙක් ඇය කැලයකට ඇදගෙන අතවර කිරිමට හෝ භාතනය කිරිමට උස්සාහ කර ඇති බව පොලිසිය කියයි.
දැරිය එම අවස්ථාවෙිදි කැ ගසා ඇති අතර පසුව ප්‍රදේශවාසින් දැක කල්තොට පොලිසිය ට දන්වා තිබෙි.
දැරියගේ මුඛ ප්‍රදේශය තුවාල සිදුව ඇති අතර ඇය බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙි.
අදාල සැකකාර සිවිල් ආරක්ෂක නිළධාරීයා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
සිද්ධිය සමිබන්දයෙන් කල්තොට පොලිසියේ ස්ථානාධිපති තරංග හපුගස්වත්ත මහතාගේ උපදෙස් පරිදි නිළධාරීන් කණ්ඩායමක් විසින් පරික්ෂණ මෙහෙවයි
– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන
lankacnews