මෙන්න ජනාධිපතිවරණ දිනය

ජනාධිපතිවරණ ඡන්ද විමසීම එළඹෙන නොවැම්බර් 15 සිට දෙසැම්බර් 9 දක්වා කාලය තුළ අනිවාර්යයෙන්ම පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

දෙරණ TALK WITH CHATURA වැඩසටහනට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ මේ පිළිබඳව ජනාධිපති, අගමැති හා කථානායකවරයා දැනුවත් කර ඇති බවයි.

ප්‍රහාර එල්ලවීම මුල් කරගනිමින් මැතිවරණ කල් දමනවා නම් එය ප්‍රහාර සිදු කිරිමටත් වඩා අපරාධයක් බව ඒ මහතා එහිදි පැවසීය.

කෙසේ වෙතත් නොවැම්බර් 15 සිට දෙසැම්බර් 9 දක්වා කාලය තුළ නිසැකවම ජනාධිපතිවරණය පවත්වන බවත් එය නීත්‍යානුකූලව පවසන බවත් ඒ මහතා වැඩිදුරටත් එම අවස්ථාවේදි ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.