කුරුණෑගල රෝහලට පමණක් වෛද්‍ය ශාෆිට එරෙහිව පැමිණිලි 386ක්

වන්ද්‍යාකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ල වී ඇති වෛද්‍ය ශාෆිට එරෙහිව අද (31) දඹුල්ල නගරයේ වෙළෙඳසල් වසා විරෝධතාව පළ කළේය.

වෛද්‍ය ශාෆිට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලට අද ඉදිරිපත් වූ පැමිණිලි සංඛ්‍යාව 84 ක්.

වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගැනීමෙන් පසු දරුඵල අහිමි වූ මව්වරුන් 84 දෙනෙකු අදත් කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කළේය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලට පමණක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 386 ක්.

එම මව්වරුන්ට නොමිලේ නීති ආධාර ලබාදීමට ඉදිරිපත්ව සිටින නීතිඥවරුන් අද කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා ද මුණගැසී සාකච්ඡා කළේය.

කුරුණෑගල රෝහල සුරැකීමේ සංවිධානය අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ වෛද්‍ය ශාෆි සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විමර්ශනයට ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවයි.

වෛද්‍ය මොහොමඩ් ශාෆිට එරෙහිව අද දඹුල්ල නගරයේ වෙළෙසැල් වසා දමමින් විරෝධතාවක් පැවැත්විය.

ඒ වන්ද්‍යාකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්.

මේ අතර දැනට පවතින පරීක්ෂණ සම්බන්ධයෙන් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් පල කළේය.

Leave A Reply

Your email address will not be published.