පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන ගණනාවකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර මාලාවට නායකත්වය දෙන ලද ජාතික තව්හිත් ජමාත් සංවිධාන නායක මොහොමඩ් සහරාන් හසීම් සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ 63 දෙනෙකු කාත්තන්කුඩිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස් සහ හම්බන්තොට හා නුවර එලිය ප්‍රදේශවල සහරාන් විසින් පැවැත්වූ පුහුණු කඳවුරුවලදී පුහුණුව ලබා ඇතැයි ද පරීක්ෂණවලින් හෙළිව ඇත.
මෙම සැකකරුවන් පිරිස අධිකරණය අවසර ඇතුව ඉදිරියේදී ත්‍රස්ත මර්දන කොට්ඨාසයට සහ රහස් පොලිසියට භාරදීමට නියමිතව තිබේ.