ඥාණසාර හිමිට ජනපති සමාව දුන්නට විරුද්ධව තවුහිද් ජමාද් ජිනීවාහි විරෝධතා..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහිව විරෝධතාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේදී පැවැත්වින.

මෙම විරෝධතාවය පවත්වන ලද්දේ ප‍්‍රංශයේ වෙසෙන තව්හිද් ජමාත් සංවිධාන සාමාජිකයන් පිරිසක් වන අතර විරෝධතාවයට 30ක පමණ පිරිසක් සහභාගී වුහ.

ජනාධිපතිවරයා විසින් ලබා දෙන ලද ජනාධිපති සමාව අවලංගු කරන්නැයි ශී‍්‍ර ලංකා රජයට දැනුම් දෙන්නැයි විරෝධතාකරුවන් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට්ගෙන් ඉල්ලා සිටියහ.

මොරොක්කෝ ජාතික පිරිසක්ද විරෝධතාවයට එක්කර තිබුනේ ශී‍්‍ර ලාංකික මුස්ලිම්වරුන් යයි හදුන්වමිනි.

Leave A Reply

Your email address will not be published.