අසාද් සාලිගේ නීති විරෝධී නියෝග ඉටු නොකල නිසා මාව මාරු කලා..- කොළඹ නාගරික කොමසාරිස් VKA අනුර

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා විසින් කරන ලද නීති විරෝධී නියෝගයන් ක්‍රියාත්මක නොකිරීම නිසා තමන් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ධුරයෙන් මාරු කර ඇති බව එහි හිටපු නාගරික කොමසාරිස් V.K.A. අනුර මහතා සඳහන් කරයි.

රාජ්‍ය සේවා කොමිසම වෙත අභියාචනාවක් ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ මෙම ස්ථාන මාරු කිරීමට ආණ්ඩුකාරවරයා කෙලින්ම මැදිහත් වූ බවයි.

අසාත් සාලි මහතා ආණ්ඩුකාරවරයා බවට පත්වූ දා පටන්ම විවිධ නීතිවිරෝධී ක්‍රියාවන් ඉටුකර ගැනීම සඳහා තමනට දැඩි බලපෑම් කළ බවද අනුර මහතා සඳහන් කරයි.

ඔහුගේ මෙම නීතිවිරෝධී ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමෙන් තමන් අසාධාරණ ලෙස මාරු කර යැවූ බවද ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

cnews

Leave A Reply

Your email address will not be published.