ආණ්ඩුවේ කිසිදු ඇමතිවරයෙක් ආරක්ෂා කරන්න ජවිපෙට වුවමනාවක් නෑ

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංගය අතර කිසිදු සම්බන්ධයක් නැතැයි ජනතා විමුක්ති පෙරමු‍ණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

අද(27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

“21වැනිදා ප‍්‍රහාරය පිළිබඳව සම්පූර්ණ පරීක්‍ෂණයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්‍ෂවල සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත්කොට සිදුකළ යුතු බවට ආණ්ඩුවත් විපක්‍ෂයේ ප‍්‍රධාන පක්‍ෂත් එකඟතාවයකට ආවා. එයින් සිදුවන්නේ 21වැනිදා ප‍්‍රහාරය පිළිබඳවත් ඉන්පසු තත්වය පිළිබඳවත් සම්පූර්ණ පරීක්‍ෂණයක් සිදුකිරීමයි.

එම යෝජනාව ඉදිරිපත් වුණාට පසුව තමයි රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වෙන්නේ. එනිසා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවත් රිෂාඩ් බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයත් අතර කිසිදු සම්බන්ධයක් නැහැ.

ඒනිසා ආණ්ඩුවට කිසිදු නීතිමය ප‍්‍රතිපාදනයක් නැහැ, විශ්වාසභංගය කල් දාන්න. විශ්වාසභංගය කල් දැමීමට අපි එදත් විරුද්ධ වුණා. අපි අදත් කියනවා විශ්වාසභංගය කල් නොදැමිය යුතුයි.

විශ්වාසභංගයක් ඉදිරිපත් වන්නේ පාර්ලිමේන්තුවේ පිළිගත් ක‍්‍රමවේදයන්ට අනුවයි. මීට පෙර රවී කරුණානායකටත් රනිල් වික‍්‍රමසිංහටත් එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගවලට නිශ්චිත කරුණු ඉදිරිපත්කොට තිබුණා.

මහ බැංකු ගනුදෙනුව සහ ඊට අදාළ වෙනත් මූල්‍ය ගනුදෙනු පිළිබඳව චෝදනා නිශ්චිත වෙලා තිබුණා. ඒ නිසා අපි ඔවුන්ට විරුද්ධව ඡුන්දය ලබා දුන්නා. රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිවත් අපි කටයුතු කරනවා.

ආණ්ඩුවේ කිසිදු ඇමතිවරයෙක් ආරක්‍ෂා කරන්න ජවිපෙට වුවමනාවක් නැහැ. ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංගයක් ගෙනාපු ජවිපෙට එක ඇමතිවරයෙක් ලොකු නැහැ. “

Leave A Reply

Your email address will not be published.