කුරුණෑගල දොස්තර වැරදි නම් එල්ලා මැරිය යුතුයි.. බදියුදීන් හිරේ දැමිය යුතුයි..- මරික්කාර්

රහස් පොලිස් අත්අඩංගුවේ සිටින කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් මවුවරුන් වදභාවට පත් කර ඇතනම් ඔහු එල්ලා මරා දැමිය යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අයථා දේපල ඉපයීමේ චෝදනාව මත යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

ඇමති බදියුදීන් සම්බන්දයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාට හැකි බවත් ඔහු වරදකරුවෙක් නම් විශ්වාසභංග නොව හිරේ දැමිය යුතු යයිද කීය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමිනි.

උපුටා ගැනීම lankacnews

Leave A Reply

Your email address will not be published.