අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ රටේ සිටින ප්‍රජාතන්ත්‍රවාදී මුස්ලිම් නායකයෙක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
අද(27) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් යම් වැරැද්දක් සිදුකර ඇත්නම් ආණ්ඩුවට එය සොයා ගත හැකි බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලංකාවෙන් පිටව ගොස් නැති බවත් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම හිටපු ජනාධිපති ජේ.අර් ජයවර්ධන මහතාගේ ආණ්ඩුව සමයේ හිටපු විපක්ෂ නායකවරයෙක් වන අමිර්තලිංගම් මහතාටද රිෂාඩ් බදියුදීන් මහතාට මෙන් චෝදනා එල්ල කර ධුරයෙන් පළවා හැරිය බව රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී නායකයින්ට චෝදනා එල්ල කරමින් මේ සිදු කරන්නේ තවත් ත්‍රස්තවාදී නායකයින් ගොඩනැගීම බවයි.
මේ අතර සාමාන්‍ය අහිංසක මුස්ලිම් ජනතාවට එරෙහිව ජාතිවාදය ඇවිස්සිමෙන් සිදු කරනු ලබන්නේ එම අහින්සක ජනතාවත් අන්තවාදයට තල්ලු කිරීමක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව දෙශපාලන ක්‍රියාමාර්ගයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වැඩිදුටත් පැවසීය.