බදියුදීන් පවුලේ ඉඩම් අක්කර 3000ක ඔප්පු අංකත් එක්ක මෙන්න.. පොඩි කාලෙ ෆුට් බයිසිකලේ යාළුවා සියල්ල හෙලි කරයි.. [Video]

ඇමැති රිෂාඩ් බදුදීන් සහ තමන් පුංචි කාලයේ පටන්ම ඉතා හොදින් දන්නා හදුනන යාළුවන් බවත් එකල ඔහුට තිබුණේ පා පැදියක් පමණක් බවත් වයඹ පළාත් සභාවේ හිටපු සභානායක චින්තක මායාදුන්නේ මහතා පවසයි.

අද බදියුදීන් ඇමතිවරයා ලංකාවේ සුපිරිම කෝටිපතියා වී සිටින්නේ විදේශවලින් මුදල් ගෙනැවිත් ඒවායෙන් අක්‍රමිකතා සිදුකර මුදල් උපයා ගැනීමෙන් බවට ඔහු චෝදනා කරයි.

තම ප්‍රදේශය වල ඉඩම් ව්‍යාපාරික ස්ථාන රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇමතිවරයා තමන්ටත් පවුලේ අයට පවරා ගෙන ඇති බවද ඔහු කියා සිටියේය.

එම ඉඩම් භාවිත කරමින් මේ ආකාරයේ ගැටුම් නිර්මාණය කිරීමට එම ප්‍රදේශ භාවිතා කරමින් සිටින බවටද බදුර්දින් ඇමතිවරයා මේ වන විට අක්කර 3000-4000 ක් වැනි ප්‍රමාණයක් අත්පත් කරගෙන අවසන් බව ද මායාදුන්නේ මහතා පැවසීය.

මෙම ප්‍රදේශ භාවිතා කරමින් රටේ කලබල කාරී තත්වයන් ඇති කිරීමේ තෝතැන්නක් බවට පත්කර ඇති බවත් අද රටේ අපරාධ රැල්ලක් සිදු කරන පුද්ගලයෙක් බවට ඔහු පත් ව සිටින බව හිටපු සභානායකවරයා චෝදනා කළේය.

1999 වසරේදී රිෂාඩ් බදුර්දීන් පුත්තලම දිස්ත්‍රික්කයට එන්නේ ෂොපින් බෑග් එකක රෙදි දමාගෙන බවත් අද වන විට ඔහු ඇතුළු ඔහුගේ සියලු ඥාතීන් ප්‍රබල ඉතා ධනවත් ව්‍යාපාරිකයන් බවට පත්ව සිටින බවද කියා සිටියේය.

අද වන විට මහ බැංකුව මංකොල්ල කෑවා ට වඩා වැඩි මුදලක් හිමි ධනවතෙකු බවට රිෂාඩ් බදූදීන් පත්ව සිටින බවද පැවසූ ඔහු බදුර්දීන් සතුව පවතින ඉඩම් ගණනාවක නම් ලයිස්තු ද ඉදි කළේ ඒවා ඔප්පුවල මිල ගණන් සදහන් කර ඇත්තේ වටිනාකම් අඩුවෙන් යොදා බවත් පැවසීය.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම විශේෂ හෙළිදරව් කලේය.

Leave A Reply

Your email address will not be published.