වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් සම්පූර්ණයෙන්ම නිදොස්.. ඔහුව අත්අඩංගුවට ගත් DIG ගැන පරීක්‍ෂණයක්..

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් මහතා හිඟන්නෙක් නොවන බවත් ඔහු ව්‍යාපාරිකයෙක් බවත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා සඳහන් කරයි.

ඇමති රිෂාඩ් බදුර්දීන් මෙම වෛද්‍යවරයාට උදව් කිරීම කිසිදු ගැටළුවක් නැති බවත් වෛද්‍යවරයාගේ පක්ෂයේ නායකයා වන්නේ ඇමති බදුදීන් බවත් ආණ්ඩුකාරවරයා සදහන් කළේය.

මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසිම පදනමක් නැතිව බවත් ඔහුට කිසිදු චෝදනාවක් නැති බවත් චෝදනා ඇත්තේ නම් ඒවා ඔප්පු කරන ලෙසත් අසාත් සාලි මහතා කියා සිටියේය.

මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වයඹ පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි පොලිස්පතිවරයා හරහා ද දැන්වූ බව ද ඔහු කියා සිටියේය.

මෙම කටයුත්ත පසුපස සම්පූර්ණයෙන්ම සිටින්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

තමන් ජාතික ආරක්‍ෂක කවුන්සිලයට යන බවද ආණ්ඩුකාරවරයා විසින් පැවසීම විශේෂ කාරණාවකි.

Leave A Reply

Your email address will not be published.