විල්පත්තුව වන රක්ෂිතය යළි විනාශ කරමින් නිවාස ඉදිකිරීම සඳහා කිසියම් පිරිසක් කල්ලාරු රක්ෂිත ප්‍රදේශය ආශ්‍රිතව එළිපෙහෙලි කරන බවට තොරතුරු අනාවරණ වුණි.
විල්පත්තු වන රක්ෂිතයේ සිදුවන අනවසර කැලෑ එළිකිරීම් පිළිබඳව අද දෙරණ මීට පෙර අවස්ථා කිහිපයකදීම රටට අනාවරණ කලේය.
අපට වාර්තා වූයේ කිසියම් පිරිසක් නැවතත් විල්පත්තු වන රක්ෂිතයේ අනවසර එළිපෙහෙලි කිරීම සිදුකරන බවයි.
රක්ෂිතය මායිමේ පිහිටි කල්ලාරු රක්ෂිත ප්‍රදේශය එළිපෙහෙලි කර නිවාස ගොඩනැගීම සඳහා කිසියම් පිරිසක් මෙලෙස උත්සාහ දරා ඇති බව එම සොයා බැලීමේදී දක්නට ලැබුණි.
මෙම ස්ථානය පිහිටා ඇත්තේ පසුගිය මැයි 18 වැනිදා පැළ සිටුවීම සිදු කළ ස්ථානයට ආසන්නයේයි.
ඉකුත් මැයි 23 සහ 24 දෙදින රාත්‍රි කාලයේදී විශාල පස්කපන යන්ත්‍ර යොදා කල්ලාරු වන රක්ෂිතයේ අක්කර දෙකක පමණ භූමි ප්රුමාණයක් මෙලෙස එළිකර ඇති බව සිදු කළ සොයා බැලීමේදී වාර්තා විය.
බැලූ බැල්මට නිවාස 25කට අධික ප්‍රමාණයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික බිම් සකස්කර ඇති ආකාරය සහ තැනින් තැන නිවාස තැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ගොඩගසා ඇති ආකාරය එහිදී දක්නට ලැබුණි.
මෙලෙස නිවාස ඉදිකිරීම සඳහා බිම් සකස් කර තිබෙන්නේ විල්පත්තු රක්ෂිතයේ දැනට අනවසරයෙන් ඉදිකර ඇති නිවාස 592 ක පදිංචිවීමට පවා පිරිස් නොමැතිව අත්හැර දමා ඇති පසුබිමකය.
ada derana