WhatsApp ඔස්සේ අන්තවාදය ප්‍රචාරය කළ අයෙක් අත්අඩංගුවට

අලුත්ගම පොලීසිය විසින් අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේදී අන්තවාදී අදහස් ප්‍රචාරය කරන “වට්ස් ඇප්” ජාලයක් පවත්වාගෙන ගිය බවට සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට අත්අඩංගුවට ගත් තරුණයාගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය පවසා සිටියි.

අලුත්ගම පොලීසිය විසින් අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබු අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

සැකකාර තරුණයා දර්ගා නගරය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව සඳහන්ය.

මීට අමතරව අදාළ “වට්ස් ඇප්”ජාලය හා සම්බන්ධ වු එම ප්‍රදේශයේම පදිංචි තවත් තරුණයින් දෙදෙනෙකු ද අලුත්ගම පොලීසිය මන් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවෙතත් අන්තවාදී ක්‍රියාවන්වලට සම්බන්ධ නොමැති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

Leave A Reply

Your email address will not be published.