මෝදි අද්විතීය ජයග‍්‍රණයක් වාර්තා කරයි.. කිසිම මුස්ලිම් මන්ත‍්‍රීවරයෙක් නව ප‍්‍රබල ආණ්ඩුවේ නැත… ඉන්දියාවේ මුස්ලිම් ජනගහනය 14%කි..
ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ඉන්දියාවේ මැතිවරණ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන් වී ඇත.
ඒ ඇනුව නැවත වරක් ඉන්දීය භාරතීය ජනතා පක්ෂයට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට හැකි වී තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම මෙවර අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඇති අතර එය එරට ලෝක් සභාවේ සමස්ත ආසන 542ක් 303 ජයග්‍රහණයකි.
මෙහි විශේෂත්වය වන්නේ වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ජයග්‍රහණය තුළ කිසිදු මුස්ලිම් මන්ත්‍රීවරු පත් වී නොමැති වීමයි.
ඉන්දියාවේ ජනගහණයෙන් 14%ක් මුස්ලිම්වරුන් වන අතර ලෝකයේ වැඩි මුස්ලිම්වරුන් ජීවත් වන රටවලින් 3 ස්ථානයේ ඉන්දීයාව. ඒ බංග්ලාදේශයටත් වඩා වැඩි මුස්ලිම් ජනගහනයකි.
ඉන්දුනීසියාව (මිලියන 227) හා පකිස්තානයට (මිලියන 204) පසු වැඩිම මුස්ලිම්වරුන් ඉන්දියාවේ ජීවත්වන අතර එය මිලියන 189 කි. එනම් සමස්ථ ශ්‍රීලංකාවේ ජනගහනය මෙන් 9 ගුනයකි. බංගලිදේශය වඩා මුසල්මානුවන් ඉන්දියාවේ ජීවත් වන අතර ඉන්දියාවේ සමස්ථ ජනගහනයෙන් 14%කි.
මුසල්මානුවන්ගෙන් සමස්ත ලෝක සභාවේ මන්ත්‍රීවරු 542 න් සීයයට 5%ක් පමණ මෙවර මැතිවරණයෙන් වෙනත් පක්ෂවලින් පත්වී ඇති අතර පාලක භාරත ජනතා පක්ෂයට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුණත් එකදු මුස්ලිම් මන්ත්‍රීවරයෙකු අයත් නොවිමත් මුස්ලිම්වරුන් නොමැතිව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් ලෑබිමත් විශේෂත්වයකි.
cnews