පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධූෂ් තමනට උදව් උපකාර කළ කියන බව කළ බව ජ්‍යෙෂ්ඨ ඇමැති වරයෙක් හා විපක්ෂ මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් හෙලි කර ඇති බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙම දේශපාලනඥයින් දෙදෙනාම නියෝජනය කරන්නේ බස්නාහිර පළාතේ එකම දිස්ත්‍රික්කයකි.
මෙම දේශපාලනඥයින් දෙදෙනා ඩුබායි සංචාරය කරද්දී තරු හෝටල්වල නවාතැන් පහසුකම් කෑම බීම සපයා දී ඇත්තේ මධුෂ් විසින් බවද හෙලිව ඇත.
මෙරටින් පලා ගිය පසුද මාකදුරේ මධූෂ් අදාල දේශපාලඥයින් සමඟ කිට්ටු සම්බන්ධතා පවත්වා ඇති බවද අනාවරණය වී ඇත.
මොවුන් අතර පැවතියේ කුමන ආකාරයක සම්බන්ධයක් යන්න පිළිබඳව පරීක්ෂණ කරමින් පවතින අතර අවශ්‍යතාවක් මතුවුහහොත් මෙම දේශපාලනඥයින් දෙදෙනාගෙන් ද ඉදිරියේ දී ප්‍රශ්න කිරීමටද පොලිසිය බලාපොරොත්තු වෙයි.
lankacnews