කුරුණෑගල රෝහලේ මුස්ලිම් වෛද්‍යවරයෙක් අත්අඩංගුවට..සිසේරියන් සැත්කම් 8000ක් කළා… කුරුණෑගල දොස්‌තර පිළිගත් බව රෝහල් අධ්‍යක්‍ෂ කියයි Video
නීති විරෝධීව වඳ සැත්කම් කළ බවට චෝදනා ලැබ සිටින කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය ෂෆි ෂිහාබ්ඩීන් මහතා තමන් සිසේරියන් සැත්කම් අට දහසක් සිදුකර ඇති බව කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයා ඉදිරියේ ඊයේ (24 වැනිදා) පිළිගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් මතාගෙන් ඊයේ (24) සවස සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ බව හෙළිකළේ යෑයි රෝහල් ආරංචි මාර්ග පැවසීය.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා කුරුණෑගල මහ රෝහලේ බලධාරීන්ගෙන් ඊයේ සවස ප්‍රකාශ ලබාගෙන තිබුණි.
වඳ සැත්කම් පිළිබඳව මාධ්‍ය මගින් තොරතුරු හෙළි කිරීමෙන් පසු තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව පවසමින් වෛද්‍ය ෂෆි මහතා කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයාට තමාට ආරක්‌ෂාව ලබාදෙන ලෙස ඉල්ලමින් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයා වෙත දැනුම් දීමක් ද කර ඇත.
වඳ සැත්කම් කළ බවට සහ ව්‍යාජ ලිපි ලේඛන සකස් කරමින් රෝහලේ අලුත උපන් දරුවන් විකිණීම මෙන්ම ඉතා කෙටි කාලයක් තුළ අසීමිත ආකාරයට මුදල් ඉපැයූ බවට ද මෙම වෛද්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සහ රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේය.
උපුටා ගැනීම – හේමන්ත රන්දුණු – දිවයින
මේ අතර ලංකා සී නිවුස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ අදාල වෛද්‍යවරයා පසුගිය මැතිවරණයේදී කුරුණැගල දිස්ත‍්‍රික්කයෙන් එජාපයෙන් තරග කරන ලද්දේ ඇමති රිෂාබ් බදියුදීන්ගේ පක්‍ෂයේ කෝටාවෙන් බවය.