එක්සත් ජාතීන්ගේ ලාංඡනය සහිත වාහන කිහිපයක් මාර්ගයේ ගමන් කරන ආකාරය සහිත චායාරූප පෙළක් අද සමාජ ජාලා තුල සංසරණය වන්නට පටන් ගෙන තිබුණා. ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් ද පළ වුණා.
තවමත් මේ පිළිබඳව නිවැරදි තොරතුරක් වාර්තා වී නැහැ.
කෙසේ නමුත් සිය ට්විටර් ගිණුම තුළ පණිවුඩයක් තබන අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසන්නේ මෙය අසත්‍ය තොරතුරක් බවයි. තමන් ඒ ගැන සොයා බැලු බවත්, මෙය යම් පිරිසක් විසින් පතුරවන අසත්‍ය තොරතුරක් බවත් ඔහු කියනවා.
මෙය මාලි හි එක්සත් ජාතින් ගේ සාම සාධක කටයුතු සඳහා යැවීමට ශ්‍රී ලංකා යුද හමුදාව සුදානම් කළ එකක් බවයි පැවසෙන්නේ.
යුද හමුදා ආරංචි මාර්ග ද එය තහවුරු කරනවා.
හර්ෂ ද සිල්වා ගේ ට්විටර් පණිවුඩය පහතින්