මුස්ලිම් දේවස්ථාන තුළ සිදු කරන සෝදිසි කිරීම් වහාම නතර කරන්න-අසාද් සාලි Video

ආරක්ෂක අංශ මුස්ලිම් දේවස්ථාන තුළ සිදු කරන සෝදිසි කිරීම් වහාම නතර කරන ලෙස තමන් ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලීමක් කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අද(24) ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ඉස්ලාම් දේවස්ථාන තුළ සිදු කරන සෝදිසි කිරීම් තව ඉස්සරහට ගියොත් රට තුළ ලොකු විනාශයක් සිදුවෙන බව ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

එමෙන්ම එකම පල්ලියට හත් පාරක් සෝදිසි කිරීම් සඳහා යන බවත් එවිට පල්ලියේ ගන්ඩ දෙයක් නැති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් තමා ආරක්ෂක මණ්ඩලයේදී කථා කරන බවත් මෙවැනි තත්ත්වයක් ඇතිවිය නොහැකි බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා වැඩිදුරටත් පැවසීය.

 

Leave A Reply

Your email address will not be published.