ශ්‍රී ලංකාව සහභාගී වන ලෝක කුසලාන පළමු පුහුණු තරගය අද
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට... පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා
ලෝක කුසලාන එක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු එක්දින තරගය අද (24) එංගලන්තයේ කාඩිෆ් ක්‍රීඩාංගණයේ දී මීට සුළු මොහොතකට කලින් ආරම්භ වුණා.
මීට අමතරව ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා පිල තවත් එක් පුහුණු තරගයක් වෙනුවෙන් සහභාගී වීමට නියමිතය.
කාඩිෆ් හීදි ,ශ්‍රී ලංකාව අද සහභාගී වන්නේ ලෝක කුසලානයට පෙර සහභාගී වන පළමු පුහුණු තරගය සඳහායි.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන මෙම පුහුණු එක්දින තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම මුල්න්ම පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළා.
විටින් විට තරගයේ තොරතුරු අපි primenews වෙතින් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.