බෝම්බ බියකින් අනුරාධපුර පාසැල් අසල උණුසුම්… දෙමවුපියන් දරුවන් වේලාසන ගෙන යයි…

මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පාසල් දරුවන් ඉලක්ක කරමින් පහර දීමක් සඳහා ලොරියකින් පැමිණ ඇතැයි පැතිර ගිය අසත්‍යය තොරතුරක් නිසා ඊයේ දිනයේ අනුරාධපුර නගරයේ පාසල් අසල දැඩි කලබලකාරී තත්ත්වයක් ඇතිවිය.

මෙම තොරතුරු ලැබීමත් සමග දෙමව්පියන් සිය දරුවන් රැගෙන යාමට පාසල් අසල විශාල වශයෙන් පැමිණීම නිසා මෙම තත්ත්වය මතුවිය.

මේ හේතුව නිසා පාසැල් කිහිපයක්ම අධ්‍යන කටයුතු අවසන් වීමට නියමිත වේලාවටත් කලින් අවසන් කර දෙමව්පියන්ට දරුවන් භාරදීමට කටයුතු කරන කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයා සඳහන් කරන්නේ මෙම අසත්‍ය දුරකථන ඇමතුම් දුන් අය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන බවත් ය.

lankacnews

Leave A Reply

Your email address will not be published.