මව්බිම වෙනුවෙන් ඉදිරියටත් කැප වෙන්න සුදානම්-ඥානසාර හිමි

ගැටළු විසදීම සඳහා බෞද්ධ ක්‍රමය භාවිත කළ යුතු බව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ එකිනෙකාට චෝදනා කර ගැනීමෙන් තොරව ගැටළුවලට හේතුව පිළිබඳ සොයා බලා ඊට පිළියම් යෙදිය යුතු බවයි.

රාජගිරිය සද්ධර්මාරාජික විහාරස්ථානය වෙත වැඩම කිරීමෙන් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ ප්‍රකාශ කළේ මව්බිම වෙනුවෙන් ඉදිරියටත් කැප වීමට සුදානම් බවයි.

නිදහස ලැබු ඥානසාර හිමි ඊයේ(23) පස්වරුවේ රුක්මලේ ධර්මවිජයාලෝක විහාරස්ථානය වෙත වැඩම කළේය.

එහිදී කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි ප්‍රකාශ කළේ සංයමයෙන් යුතුව සියලු දෙනා කටයුතු කළ යුතු බවයි.

Leave A Reply

Your email address will not be published.