එක්සත් ජනපදයේ ශ‍්‍රී ලාංකිකයින්ගෙන් යුද හමුදාවට බෝම්බ හා පුපුරන ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණ තොගයක්

බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණ තොගයක් එක්සත් ජනපදයේ පදිංචි ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් විසින් ශ‍්‍රී ලංකා යුද හමුදාවට පරිත්‍යාග කර ඇත.

යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව එක්සත් ජනපදයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් විසින් බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණ 20 ක් මෙසේ යුද හමුදාවට පරිත්‍යාග කර තිබේ.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2010 සිට 2015 වසර දක්වා නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ තානාපති තනතුරු හොබවන කාලයේ ඇති වූ මිත‍්‍රත්වයක ප‍්‍රතිඵලයක් ලෙස මෙම පරිත්‍යාගය සිදුකර ඇත.

දිවයින පුරා යුද හමුදා සාමාජිකයන් සිදුකරනු ලබන ආරක්‍ෂක කටයුතු සඳහා යොදා ගැනීමට මෙම උපකරණ තොගය යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට භාරදීමට ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් කටයුතු කර තිබේ.

Leave A Reply

Your email address will not be published.