ඇමතිවරයෙක් ට තියෙන විශ්වාසභංගයට ඉස්සෙල්ල ආණ්ඩුවට තියෙන විශ්වාසභංගයට ප්‍රමුඛත්වය දෙන්න ඕන – අගමැති රනිල් video
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්නා දිනය ගැන එකඟතාවයක් නෑ
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා පැවති විශේෂ පක්ෂනායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වී ඇත.
කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 09.30 ට පක්ෂ නායක රැස්විම ආරම්භ වුණි.
මිනිත්තු 45ක පමණ කාලයක් පක්ෂ නායක රැස්වීමේදී පැවතියද විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව වාර්තා වෙයි.
මෙ අතර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජුනි මස 18 සහ 19 යන දිනවල විවාදයට ගැනීමට සූදානම් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මේ වන විට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වී ඇති අතර එහි විවාදයට එක්වෙමින් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියේ ජුනි 5 සහ 6 රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා ලෙසයි.
විශ්වාසභංගයට දින නියම කරන්නේ ආණ්ඩුව… විපක්ෂයට එක කරන්න බෑ. ඒක තේරුම් ගන්න ඕන.. යනුවෙන් ලකෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර විශ්වාසභංගයකට දිනේ දෙන්නේ ආණ්ඩුව.. ඉතිං දිනේ දෙන්නම්..ඇමතිවරයෙක් ට තියෙන විශ්වාසභංගයට ඉස්සෙල්ල ආණ්ඩුවට තියෙන විශ්වාසභංගයට ප්‍රමුඛත්වය දෙන්න ඕන.. යනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.