මීලග ආණ්ඩුව පොහොට්ටුවේ.. ඒකෙ සැකයක් නෑ..- හි. ඇමරිකා තානාපති මහින්දට කියයි..

බටහිර රටවල් අපේ රටේ කදවුරු බඳින්න බලා සිටිනවා. මේ තත්ත්වය නූපන් දරුවාට පවා අනාගතයේ ප‍්‍රශ්න ඇති කරන්නක් යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ බත්තරමුල්ල නෙලූම්මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැුස්වීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

අපි තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දුන් රටක්. ත‍්‍රස්තවාදයක් රටේ තියෙන අවස්ථාවක බෝම්බ පිපිරෙනවා. නමුත් ඒ කාලේ මේ විදියට රට අස්ථාවර වුනේ නැහැ. එදා ත‍්‍රිවිධ හමුදාව ඇතුලූ රටේ නායකත්වය ගැන ජනතාවට විශ්වාසයක් තිබුණා. මේ බෝම්බ පිපිරීමෙන් ඉතිහාසයේ කවදාවත් නොවූ බියක් ජනතාව තුළ ඇති වුනා. අපි සියල්ලටම පෙර රටට මූලිකත්වය දිය යුතුයි. මේ නායකත්වය යටතේ තව කාලයක් රට පැවතුනොත් අපිට ඉන්න රටක් ඉතුරු වෙයිද කියලා සැකයි.

මේ ආණ්ඩුව රටේ ආරක්ෂාව ගැන කිසිම අවධානයක් යොමු කලේ නැහැ. පහුගිය අවුරුදු හතරක කාලය පුරාම කලේ ආරක්ෂක අංශ දුර්වල කරමින්, විරුද්ධවාදින් මර්ධනය කරන්න ආරක්ෂක යාන්ත‍්‍රණය යොදා ගැනීමයි. මෙවැනි වාතාවරණයක් රටට උදාවුනේ මේ නිසයි.

මේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන එක ගැන නම් කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වෙයි කියලා අපිට විශ්වාසය තියන්න පුලූවන්. ජනාධිපතිවරණයත් පුලූවන් නම් නොතියා ඉන්නයි සුදානම. එවැනි තත්ත්වයක් ඇති වුනොත් අපි අධිකරණයට යන්න සූදානම්. මැතිවරණයක් ලංවෙද්දි පහුගිය කාලයට වඩා වැඩියෙන් දේශපාලන පලිගැනීම් සිද්ධ වෙන්න පුලූවන්.

හැමදේම දේශපාලනිකරණය වෙලා රට අස්ථාවර වෙලා තියෙන මේ අවස්ථාවේ ලාබාලම දේශපාලන පක්ෂයක් විදියට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටිනවා. ඇමරිකානු හිටපු තානාපතිවරයා ලංකාවට පැමිණි අවස්ථාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් පැහැදීමකින් කතාකළා. මීළග ආන්ඩුව බිහිවීම පිළිබද සැකයක් නැති බව ඔහු සදහන් කලේ පක්ෂය රට පුරා ක‍්‍රියාත්මක වෙන ආකාරය අධ්‍යයනය කිරීමෙන් පසුවයි.

ඉන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් විපක්ෂ නායකවරයා

මාධ්‍ය – ජවිපේ ගෙනාපු විශ්වාසභංග යෝජනාවට මොකක් වෙයිද?

මහින්ද රාජපක්ෂ මහතා – විශ්වාසභංග යෝජනාව කාරක සභාවකට දාලා තියෙන්නේ. විපක්ෂය විදියට අපි රැුස්වෙලා තීරණය කරනවා මෙයට අපි යා යුතුයිද කියලා. එයාලාගේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම වැඩියි කියලා දැන දැනත් අපි ගිහින් එතැන වාඩි වෙලා ඉන්න ඕනෙද කියලා අපේ හදවත් විමසනවා.

– MR midea

Leave A Reply

Your email address will not be published.