පුහුණුව ලද ත‍්‍රස්තවාදීන් 1000ක් රට පුරා.. අත්අඩංගුවට ගත් නිලධාරියා සියල්ල වමාරයි..

තවුහිද් ජමාත් සංවිධානය විසින් රට පුරා ස්ථාන ගණනාවක පවත්වාගෙන යන ලද ත්‍රස්තවාදී පුහුණු කිරීම් කඳවුරු 17 දී පුහුණුව ලත් 1000කට අධික පිරිසක් සිටින බවට පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මෑතකදී කුරුණෑගල රෝහලේ දී අත්අඩංගුවට ගන්නා ලද තව තවුහිද් ජම්මාත් සාමාජිකයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මෙම තොරතුරු හෙළිව ඇත.

ඔහුගෙන් ලද තොරතුරු අනුව ත්‍රස්තවාදී පුහුණුව ලැබ රට පුරා විසිරී සිටින ත්‍රස්ත සාමාජිකයන් ගැන මේ වන විට තොරතුරු ලැබී ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදු කරමින් ඇති බව ද කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා පැවසීය.

Leave A Reply

Your email address will not be published.