ඥාණසාර හිමි නිදහස් කරන ලිපියට ජනාධිපති අත්සන් කරයි..

වසර හයක සිර දඩුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නියෝගයට අත්සන් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අදාළ සෙසු කටයුතු සම්පූර්ණ වූ සැනින් බොහෝ දුරට හෙට පෙරවරුවේදී ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ සිර දඬුවම අහෝසි වනු ඇති බව එම ආරංචි මාර්ග කියා සිටියේය.

ඊයේ සහ අද දිනයේ අදාළ ලිපි ලේඛන කටයුතු සියල්ල අවසන් කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය අත්සන යෙදීමෙන් පසු ඥාණසාර හිමියන්ගේ සිර දඬුවම අහෝසි වන්නේ ජනාධිපති සමාව යටතේය.

Leave A Reply

Your email address will not be published.