පාර්ලිමේන්තුව නොසන්සුන්. හෙට 10.30ට කල් තබයි

පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තව හෙට පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳව ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් මෙම නොසන්සුන්කාරී ත්ත්වය ඇතිවිය.

ඒකාබද්ධ විපක්ෂ ඒ සඳහා දිනයක් අද ම ලබාදෙන ලෙස සඳහන් කළ අතර කථානායකවරයා සඳහන් කළේ හෙට පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඒ පිළිබඳව තීරණය කළ හැකි බවයි.

ඉන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් සභාව මැදට පැමිණ විරෝධතාවයේ නිරතවීමත් සමග සභාව කල් දැමීමට කථානායකවරයා කටයුතු කළේය.

Leave A Reply

Your email address will not be published.