මරාගෙන මැරෙන බෝම්බකරුවන් 20ක් අත්අඩංගුවට ගනී..

තව්හිද් ජමාත් සංවිධානය යටතේ මරාගෙන මැරෙන් මැරෙන පුහුණුව ලද ත‍්‍රස්ත සැකකරුවන් 20 දෙනෙකු පමණ මේ වන විට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි දිනපතා පුවත්පත් අද දිනයේ වාර්තා කර ඇත.

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු සිදුකරන ලද දීර්ඝ පරීක්ෂණවලින් පසුවයි.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන් නෂීම්ගේ අනුගාමිකයන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර අන්තවාදී පුහුණු කඳවුරු සහ දේශන මගින් මෙම පිරිසගේ මනස මරාගෙන මැරීම සඳහා හැඩ ගන්වා ඇත.

මෙම පිරිස රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුවන අතට එහිදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව ද වාර්තා වෙයි.

දැනට සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට 89 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සැකකරුවන් 69 නම දෙනකුගේම රඳවා ඇත්තේ රහස් පොලීසියේය.

cnews

Leave A Reply

Your email address will not be published.