ඇමති රිෂාඩ් බදියුදීන්ට විරුද්දව විශ්වාසභංගයක් ගෙන ඒමට පෙර විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතු බව පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය සඳහන් කරයි.
තවුහිත් ජමාත් සංවිධානය පෝෂණය කළේ සහ පඩි ගෙවා නඩත්තු කරන ලද්දේ රාජපක්ෂ ආණ්ඩුව විසින් බවත් එනිසා බදුර්දීන්ට එරෙහිව විස්වාසභංගය කට පෙර රාජපක්ෂලාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතු බවද ඔහු කියා සිටියේය.
රාජපක්ෂලාගේ උපක්‍රමය වූයේ විවිධ සංවිධාන බිහිකර ඒවා එකිනෙකට හප්පා පාලනය ගෙන යාම බවද ඔහු සඳහන් කළේය.
කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
එම හමුව අමතමින් චමීර පෙරේරා කියා සිටියේ ගෝටාභය රාජපක්‍ෂ බලයට පැමිණිය හොත් මේ රට සිරියාවක් වන බවයි.
cnews ඇසුරෙනි