පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුව මසක් ගෙවෙන තැන “රට රකින පරපුර” විසින් සංවිධාන කෙරුණු නිහඬ විරෝධතාව මැයි මස 21 වෙනි දින උදේ 9 ට ඇරඹුනේ කොළඹ ලිබර්ටි වටරවුම අසළිනි. පාස්කු ඛේදවාචකයෙන් විපතට පත්වූවන් සිහි කරමින් සංවිධානය වූ මේ විරෝධතාවයේ මුඛ්‍ය තේමාව වූයේ “එක රටක් එක නීතියක්” යන්නය.
“රට රකින පරපුර” සාමාජිකයන් මෙන්ම ආරාධිතයන් විශාල පිරිසකගේද, සහභාගීත්වයෙන් සංවිධානය වු මේ කටයුත්ත සාර්ථකව නිම වූ අතර, රට තුළ පවතින සංස්කෘතීන් අනුව විවිධ නීති පැවතීමට එරෙහිව, සමාජ පද්ධතීන් බෙදීමකට ලක්වන කරුණු සාකච්ඡාවට බඳුන් වූ මෙහිදී සමාජීය, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික සහ භෞතික ක්ෂේත්‍ර ඔස්සේ කරුණු එක්රැස් කරමින් සැමට එක ලෙස ක්‍රියාත්මක වන නීති රාමුවක් රට තුළ නොපැවතීම නිසා ඇතිව තිබෙන වියවුල පිළිබඳව බොහෝ දෙනාගේ අදහස් ප්‍රකාශ විය.
මෙතැනින් නොනැවතී ඉදිරියේදී ද මෙවැනි ක්‍රියාකාරකම් ඔස්සේ සමාජය දැනුම්වත් කරමින්, පාලකයන් වෙත පීඩනයක් එල්ල කරමින් ඔවුන්ගේ අවධානය මේ කෙරෙහි යොමු කරවා ගැනීමට “රට රකින පරපුර” අදහස් කරගෙන සිටී.
වසර තුනක් පුරා ලාංකේය සමාජය පෙළන විවිධාකාර සමාජීය ගැටළු ආමන්ත්‍රණය කළ “රට රකින පරපුර” අද ට ප්‍ර මුඛවන ගැටලු කෙරෙහි වඩාත් සංවේදී වෙමින් මෙම කටයුත්ත සංවිධානය කිරීම විශේෂත්වයකි.