රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට ඒකාබද්ධ විපක්ෂය හා එක්වන ලෙස එම පාර්ශවයෙන් ආරාධනාවක් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල මහතා පවසයි.
දෙරණ වාදපිටිය වැඩසටහනට ඊයේ(21) එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඊයේ පාර්ලිමේන්තුවේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අමාත්‍ය බදියුදීන් මහතා මේ බව ප්‍රකාශ කළ බවයි.
අගමැතිවරයා කිසිදු මොහොතක විශ්වාසභංගය පරක්කු කිරීමට හෝ එය නොගෙන ඉන්නැයි පවසන්නේ නැති බවත් කියා සිටි රාජ්‍ය අමාත්‍යවරයා, කණ්ඩායම් රැස්වීමේ දී න්‍යාය පත්‍රය ගැන කථා කරත් නමුත් විශ්වාසභංගය ගැන පිළිබඳ වැඩි අවධානයක් යොමු නොවු බව ද පැවසීය.
කෙසේ වෙතත් ඊයේ දිනයේ දී අද දෙරණට අදහස් දක්වමින් අමාත්‍ය නවීන් දිසානායක මහතා කියා සිටියේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගයෙදී තමන් ඊට පක්‍ෂව ඡන්දය ලබා දීමට තීරණය කළ බවට ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කිරීම වැරදීමක් බවයි.
රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා එවැන්නක් සිදු නොවු බව ද තරයේ කියා සිටි අතර, රිෂාඩ් බදියුදීන් මහතා එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීම අමතමින් තමන්ට ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතු වන ලෙස පැවසු බව ද කියා සිටියේය.
කෙසේ නමුත් රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංගය ගෙනවීත් ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය විසින් වන අතර රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ කවුදැයි යන්න විශ්වාසභංග චන්ද විමසීමේදී අනාවරණය වනු ඇතැයි යනුවෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයෙක් primenews වෙත ප්‍රකාශ කළා.