බෝම්බ පිපිරවීමේ සිද්ධීන් හා වෙසක් සමය ප‍්‍රයෝජනයට ගනිමින් දකුණේ දේශපාලනඥයන් ශී‍්‍ර ලංකාව සිංහල බෞද්ධයන්ට පමණක් අයිති රටක් බව පෙන්නුම් කිරීමට විශාල උත්සාහයක් දරන බව උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.
යාපනයේදී මාධ්‍යයට අදහස් දක්වමින් විග්නේෂ්වරන් මහතා කියා සිටියේ බෝම්බ පිපිරවීමේ සිද්ධියත් කඩු අසුවීමේ සිද්ධියත් නිසා විවිධ චෝදනාවන්ට ලක් වී අසරණ වී සිටින මුස්ලිම් ජනතාවගේ සහයෝගය ද මේ සඳහා කූට දේශපාලනඥයන් විසින් ඉතා නින්දිත ආකාරයට ලබාගනිමින් සිටින බවයි.
මේ තත්ත්වය බහුවිධ ජාතියක් හා විවිධ ආගම් නියෝජනය කරන පිරිසක් සිටින රටක සිදු නොවිය යුතු තත්ත්වයක් බවද විග්නේෂ්වරන් මහතා කියා සිටියේය.
1983 වසරේදී මේ රටේ සිදුවූ සිදුවීම් කීපයකදී ද දෙමළ ජනතාව රටේ හතුරන් පිරිසක් බවට හුවා දක්වමින් සිංහල බෞද්ධ බලවේගයක් ගොඩනැංවීමට එදා පැවති රජය උත්සහ කිරීමේ ප‍්‍රතිඵලය වූයේ යුද්ධය වසර තිහක් වැනි කාලයක් දිග්ගැසීම බවද මෙහිදී උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.
සිදුවීම් සිදුවන්නේ ජාතිය හා ආගම මුල්කරගෙන නොවන නිසා ඒ සිදුවීම් සිංහල බෞද්ධකරණයට පත්කර ගැනීම අනාගතයේ ඉතා භයානක ප‍්‍රතිඵලයන් ඇතිවීමට හේතුවක් විය හැකි බවද විග්නේෂ්වරන් මහතා මෙහිදී කියා සිටියේය.
දිනසේන රතුගමගේ -දිවයින