ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ බරපතළ බෙදීමක් මේ වන විට ඇතිව තිබේ.
මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ යුතු බවට ආණ්ඩු පක්ෂයේ කතෝලික මැති ඇමැතිවරුන් බහුතරයකගේ මතය වී ඇත.
එහෙත් චෝදනා ඔප්පු වී නැති බැවින් ආණ්ඩු පක්ෂය ගන්නා තීරණයකට සහාය දිය යුතු බව තවත් පිරිසකගේ අදහස වී තිබේ.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කොට මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව තවත් පාර්ශ්වයකගේ අදහස වී ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ‘ප්‍රකාශ කළේය.