සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීම සඳහා ජනාධිපති කාර්යාලය තුළ ලිපි ලේඛන සකස් වන බවට නිල නොලත් තොරතුරු ඇති බව බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් සදහන් කරති.
ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ඥාණසාර හිමියන් නිදහස් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවශ්‍ය කටයුතු කරනු ඇති බවට දැඩි විශ්වාසයක් ඇති බවද නන්ද හිමියෝ සඳහන් කළහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බන්ධනාගාරයේ දී ඥාණසාර හිමියන් සමඟ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇති බවද කී නන්ද හිමියන් ඥාණසාර හිමියන් නිදහස් කර ඇතැයි පළවන වාර්තා අසත්‍ය බවද සඳහන් කළේය.
ඥාණසාර හිමියන්ගේ සුවදුක් බැලීම සදහා වැලිකඩ බන්ධනාගාරයට ගොස් එන අතරවාරයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් එහිමියෝ මෙම අදහස් පල කලහ.