සහරාන්ගේ ප්‍රධාන සංවිධායක වන කල්මුනේ සියාම් පොලීසියට කොටු වෙයි

ප්‍රධාන බෝම්බකරු සහරාන්ගේ , අම්පාර කල්මුනේ ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක වන කල්මුනේ සියාම් ඇතුළු තවත් සැකකරුවන් හතර දෙනෙකු රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර කාර්යාලයේ නිළධාරින් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙනවා.

පාස්කු ඉරිදා බෝම්බ සිද්ධියෙන් පසුව අම්පාර රාජ්‍ය බුද්ධි සේවාව මගින් විශාල තොරතුරු රැසක් එකතු කර ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වමින් යන අතර තුර ඊය‍ෙ සවස කල්මුනේ සියාම් නැමැත්තා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදි සහාරන් සමඟ කටයුතු කළ තවත් හතර දෙනෙකු ඊයේ දහවල් කල්මුණේ ප්‍රදේශයේදි අත් අඩංගුවට ගනු ලැබුවා .

මෙයට අමතරව පාලමුනේ ප්‍රදේශයේ වලලා දමා තිබු සි.ඩි. තැටි 31 ක් ද සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත් වුණා.

සහාරන් ගේ ප්‍රධාන අනුගාමියෙක් වන කල්මුනේ සියාම් සහාරන්ගේ ආධාරකරුවන්ට නවාතැන් ගැනිමට සමන්තුරේ , නින්දවුර් සහ සයින්දමර්දු යන ප්‍රදේශවල නිවාස ලබා ගැනිමට සහරාන් ගේ ප්‍රධාන අධාරකරුවෙක් වන නියාස්ට සහය දි ඇති බවට කරන ලද විමර්ශණ වලදි අනාවරණය කරගෙන තිබේ.

ඉකුත් 26 වෙනි දින සයින්දමර්දු බොලිවියානු සුනාමි ගම්මනායේ බෝම්බ පිපිරීමට පෙර බෝම්බ පුපුරැවා ගත් නියාස් , රිල්වාන් ඇතුලු කණ්ඩායම නින්දවුර් නිවසේ සිට මුහුදු බඩ මාර්ගයක් ඔස්සේ සයින්දමර්දු නිවාසයට ගෙන ඒමට සහය දි ඇත්තේද කල්මුනේ සියාම් බවට රාජ්‍ය බුද්ධි අංශයේ නිළධාරින් තහවුරු කරගෙන තිබෙනවා..

නියාස් ඇතුලු පිරිස වෑන් රථයෙන් ගමන් කරන විට කල්මුනේ සියාම් විසින් තවත් වාහනයකින් ඉදිරියෙන් ගමන් කර මුහුදු බඩ මාර්ගයේ සිටින නාවික නිළධාරින් මග හරිමින් සයින්දමර්දු වෙත ගෙනවිත් තිබෙන බවයි හෙළිවී තිබෙන්නේ .

සහාරන් ගේ සමිපතම හිතවතෙක් වන කල්මුනේ සියාම් හම්බන්තොට ප්‍රදේශයේදි පුහුණුවීම් කටයුතු වල නිරති වි ඇති අතර ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජීකයෙක් බවද ආරක්ෂක අංශ කරුණු තහවුරු කරගෙන ඇති අතර තවදුරටත් ඔවුන් ගෙන් ප්‍රශ්න කරමින් සිටිනවා.

 

Leave A Reply

Your email address will not be published.