ජනපතිගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නොවිමසන ලෙසට ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් මෙම ඉල්ලිම සිදු කළේය.
ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යොමු කළ ලිපියෙහි සඳහන් වන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව් 129 වැනි වගන්තිය ප්‍රකාරව සිය නිල කාලය සම්බන්ධයෙන් විමසිමට සුදානම් වන බවට විශ්වාසනිය ආරංචි මාර්ග මගින් දැනුවත් වි ඇති බවයි.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත විමෙන් පසු විධායක ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ ජනාධිපතිවරණය පැවති 2015 ජනවාරි 8 වැනිදා සිට වසර 5 කින්ද නොඑසේනම් 19 සංශෝධනය බලාත්මක කරමින් කථානායකවරයා අත්සන යෙදු 2015 මැයි 15 දින සිට වසර 5 කින්ද යන්න පිළිබඳ මතය විමසිමට සුදානමින් සිටින බවට එම ලිපියේ සඳහන් වෙයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිය ලිපියේ කරුණු 3ක් පෙන්වා දෙමින් පවසන්නේ මෙම අවස්ථාවේදි තම නිල කාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසිම කාලෝචිත නොවන බවයි.