ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු කරමින් යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට වගවිය යුතුයි-කැනේඩියානු අගමැති
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට ලබා දුන් පොරොන්දු ඉටු කරමින් යුද්ධයේදි පීඩාවට පත්වුවන් වෙනුවෙන් වගවීමේ ක්‍රියාවලිය අර්ථවත්ව ක්‍රියාවට නැංවිය යුතු බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජෙස්ටින් ටෘඩෝ ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ 30 වසරක් පුරා පැවති යුද්ධය අවසන් කර එහි දස වන සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
මෙහිදී කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ වසර 30කට ආසන්න කාලයක් පැවති යුද්ධයෙන් දහස් ගණනක් ජනතාව මිය ගිය අතර තවත් දහස් ගනනක් ජනතාව තුවාල ලබා ඇති බවයි.
පසුගිය දශකය පුරාවටම තමන් යුද්ධයෙන් පීඩාවට පත් බොහෝ දෙමළ කැනේඩියානුවන් මුණ ගැසී ඇති බව සඳහන් කරන කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ඔවුන් දිගු කාලීන සාමය සහ සංහිදියාව අපේක්ෂා කරන බව ප්‍රකාශ කර තිබේ.
මෙහිදී ඔහු කැනඩා රජය වෙනුවෙන් ද්‍රවිඩ ජාතිකයින්ට සිය කණගාටුවද ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.