රට මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් එළැඹෙන ජනාධිපතිවරණය හා මහමැතිවරණය කල්දැමීම සඳහා භාරකාර රජයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු කිහිප දෙනෙකු සූදානම්ව සිටින බව එම පක්ෂ ආරංචි මාර්ග පැවැසීය.
එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නදහස් පක්ෂයට රටේ ඇති වූ තත්ත්වය හමුවේ ජයග්‍රහණයක් බලාපොරොත්තු විය නොහැකි නිසා එම මැති ඇමතිවරු මෙම තීරණය ගැනීමට සූදානම් වේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරණය කල්දැමීම සඳහා කිසිම විටක ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක සිටිති. එනමුත් භාරකාර රජයක් පිහිටුවීමට ඔවුන්ගේ එකඟතාවයක් තිබෙන බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. භාරකාර රජයක් පිහිටුවීම කිසිවිටෙකත් මැතිවරණ කල් දැමීම අරමුණු කරගෙන සිදු නොවිය යුතු බව එම මන්ත්‍රීවරු පිරිස සිය නායකත්වයට දැනුම් දීමට සූදානමින් සිටියි.
පානුක රාජපක්ෂ – ලක්බිම