ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් අගමැතිගේ සන්ධානයට ජය

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ නායකත්වයෙන් යුත මධ්‍ය දක්ෂිනාංශික පාලක ලිබරල් සන්ධානයට ජයග්‍රහණය හිමිව තිබේ.

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඊයේ (18) උදෑසන 8ට ආරම්භ වූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය සඳහා ඡන්ද දායකයින් ඉතාමත් උනන්දුවෙන් සිය ඡන්දය භාවිතා කිරීමට එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාලක ලිබරල් සන්ධානය සහ එරට ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන පක්ෂ ද්විත්වය බවට සඳහන්ය.

අගමැති ස්කොට් මොරිසන්ගේ නායකත්වයෙන් යුත් මධ්‍ය දක්ෂිනාංශික පාලක ලිබරල් සන්ධානය මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින්නේ තෙවන වරටත් ඔස්ට්‍රේලියාවේ පාලන බලය අපේක්ෂා කරමින්ය.

ඒ අනුව ඔවුන් මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේනම් ඔවුන්ගේ ධූර කාලය තවත් වසර 6කින් දීර්ඝ වනු ඇත.

කෙසේ වෙතත් බිල් ෂෝර්ට්න් ගේ නායකත්වයෙන් යුත් වාමාංශික මතධාරී කම්කරු පක්ෂයට මෙවර මැතිවරණයේදී ඔවුන්ට ප්‍රබල අභියෝගයක් වනු ඇති බව විචාරකයින් පෙන්වා දුන්නේය.

ඔස්ට්‍රේලියාව ලෝකයේ ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කර ඇති රටවල් අතුරින් එකක්.

මෙවර ෆෙඩරල් මැතිවරණයේදී ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ සුදුසුකම් ලබා ඇති පිරිසෙන් 90%ක් අනිවාර්යයයෙන් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි සැළකෙයි.

සෙසු රටවල් වලට සාපේක්ෂව මෙය ලෝකයේ ඉහළම අගයක් බව විචාරකයින් පෙන්වා දෙයි.

කම්පල්සරි වෝටිං හෙවත් අනිවාර්ය ඡන්ද දැමීම ඔස්ට්‍රේලියානු ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් ලක්ෂණයකි.

Leave A Reply

Your email address will not be published.