වෙසක් කුඩු 500 ක් ගිනි තබයි.. සාලියපුර උණුසුම්

වෙසක් පොහොය වෙනුවෙන් සාලියවැව ප‍්‍රදේශවාසීන් විසින් සකස් කරන ලද වෙසක් කූඩු 500ක පමණ ප‍්‍රමාණයක් ප්‍රදර්ශනය පොලීසිය තහනම් කිරිම නිසා ඒවා ගිනි තබන්නට ඊයේ දිනයේ ප‍්‍රදේශයේ තරුණයන් කටයුතු කලහ.

සතියක පමණ කාලයක් තිස්සේ සාලියවැව ප‍්‍රදේශයේ තරුණ පිරිස් විසින් සකසන ලද මෙම වෙසක් කූඩුවල එක් පසක ධර්ම චක්‍රයද අනෙක් පසක කුරුසයද ප‍්‍රදර්ශණය කර තිබීම නිසා එල්ල වූ විරෝධයක් නිසා පොලිසිය විසින් තීරණය කරන ලද්දේ කුඩු ප්‍රදර්ශනය නැවැත්වීමටයි.

එම තීරණයත් සමගින් ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීම සදහා අමතර පොලිස් භට පිරිස් කැදවා ආරක්ෂා තර කර තිබින.

උපුටා ගැනීම – ලංකා සී නිවුස්

Leave A Reply

Your email address will not be published.