තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී එය පැවැත්වීමට නියමිතයි.
රණවිරු සැමරුම සඳහා මියගිය සහ අබාධිත තත්ත්වයට පත් වු රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් එක් වෙයි.
අද පස්වරු 7.00ට සියලු ආගමික ස්ථාන, ආයතන සහ නිවාස ඇතුළු ස්ථානවල සාමය වෙනුවෙන් පහනක් දල්වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.
රණවිරු සැමරුමට සමගාමීව ලබන 22 වන දින දක්වා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබේ.