අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට තරග කරන බව ගෝඨා කියයි

තමන් අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය සඳහා තරග කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අල්ජසීරා පුවත් සේවය සමඟ පැවති සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එම තීරණ බොහෝ කලකට පෙර ගත් බවයි.

එසේ නොමැතිනම් තමන්ට අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කිසිඳු හේතුවක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ජසීරා පුවත් සේවයට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Leave A Reply

Your email address will not be published.