“SLIIT Soft Skills 2019’’ 7 වන වැඩසටහන ඉහළ ප්‍රගතියක් ලබමින් අවසන් විය

SLIIT ව්‍යාපාර පීඨය වසරක් පාසා අඛණ්ඩ 7 වන වසරටත් පාසල් සිසුන්ගේ මෘදු කුසලතා ඉහළ නංවන ”SLIIT Soft Skills 2019’’ වැඩසටහන මාලඹේ SLIIT විශ්ව විද්‍යාලයේදී පසුගියදා පැවැත්විය. පාසල් දරුවන්ගේ මෘදු කුසලතා මෙන්ම ජිවිතයට අත්‍යවශය වන කුසලතාවයන් ඉහළ නැංවීම අරමුණු කර ගත් මෙම වැඩසහටන තුළින් කණ්ඩායම් ක්‍රියාකාරකම්, ගැටළු විසඳීම, නායකත්වය සහ නිර්මාණාත්මක චින්තනය වැනි කුසලතාවයන් ඔප් නැංවීම සිදු කෙරේ.

මෙම වැඩසටහනේ මුලික වටය සදහා දිවයින පුරා පාසල් 112ක සිසුන් 850ක් සහභාගී වූ අතර මාලඹේ, යාපනය, මාතර, කුරුණෑගල, බණ්ඩාරවෙල, නුවර, රත්නපුර ආදී දිවයින පුරා ප්‍රධාන නගර රාශියක දී පැවැත්විණි.

එහිදී ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලය හිමිකරගත් අතර දෙවන ස්ථානය මඩකලපුව, කාත්තන්කුඩි මධ්‍ය විද්‍යාලයත්, තෙවන ස්ථානය යාපනය, මහජන විද්‍යාලයත් හිමිකර ගත්තේය. ඒ අනුව ජයග්‍රාහී පාසල් සඳහා වටිනා සම්මාන සහ ත්‍යාග ද පිරිනමනු ලැබීය.

ජාත්‍යන්තර වෙළඳාම සදහා පොදු ආර්ථික කරුණු පිළිබඳව අසනු ලැබූ ප්‍රශ්න වට දෙකක් සඳහා තම දැනුම ප්‍රදර්ශනය කරමින් සිසුන් මුහුණ දුන් අතර එහිදී අවසන් වටයට තේරී පත්වූ පාසල් 39ක කණ්ඩායම් 45ක් අතුරින් ජයග්‍රාහකයින් තෝරාගනු ලැබීය.

සියළු දෙනාටම දැනුම හා වින්දනය සපයමින් අද්විතීය ආකාරයෙන් පැවති වැඩසටහනේ පළමු වටය දෙයාකාරයකට SLIIT විසින් සැලසුම් කර තිබු අතර එහිදී සන්නාම පිලිබඳ පැන විසඳුම් මෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර , ගෝලීය ව්‍යාපාර පිළිබඳව උනන්දුවක් ඇතිකරමින් පැවැත්විණි. එහිදී වැඩිම ලකුණු ලබා ගත් කණ්ඩායම් අවසාන වටය සඳහා තෝරා ගත්තේය.

මෙම තරඟාවලියට සමගාමිව පවත්වන මෘදු කුසලතා නැංවීමේ වැඩමුළුව තුළින් චිත්තවේගාත්මක බුද්ධිය පිළිබඳවද දැනුම ලබා දෙමින් සිසුන්ට සාර්ථකත්වය කරා ලගා වීමට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දීම සිදු වන බව ”SLIIT Soft Skills 2019” ප්‍රධාන සංවිධායක, SLII ව්‍යාපාර පිඨයේ කථිකාචාර්ය සශිකා ජයකොඩි මහත්මිය පැවසීය.

SLIIT ව්‍යාපාර පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ මහතා මෙම වැඩසටහනෙහි වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් බොහෝ සිසුන් ඔවුන් තෝරාගනු ලබන ක්ෂේත්‍රයන්හි විශේෂඥයින් කරවීමට කටයුතු කිරීමේදී ඔවුන්ට පුද්ගලයෙකු ලෙස සාර්ථක වීමට අත්‍යවශ්‍ය වන නිපුණතාවන් වැඩි දියුණු කිරීම සඳහාද මාර්ගෝපදේශයන් සැපයිය යුතු වනවා. ඒ අනුව ”SLIIT Soft Skills 2019’’ වැඩසටහන සිසුන්ට ඔවුන්ගේ මෘදු කුසලතා වර්ධනය කර ගැනීමටත් ඔවුන්ගේ පෞර්ෂය වර්ධනය කරලීමටත් දායක වනවා’’.

ඒ අනුව SLIIT ව්‍යාපාර පීඨය මෙම වැඩසටහන විවිධාංගිකරණය කරමින් ඉදිරියටත් වාර්ෂිකව පැවැත්වීමට බලාපොරොත්තුවන අතර ශ්‍රී ලංකාවේ සියලූම පාසැල් වලට ඉදිරියේදී මේ සඳහා සම්බන්ධවන ලෙසට ඇරයුම් කර සිටියි.

Leave A Reply

Your email address will not be published.