ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් එක්දින තරගාවලියේ ප්‍රථම තරගය අද පැවැත්වීමට නියමිතව තිබුනේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට පමණ.
නමුත් වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවීමට සංවිධාකයින් තීරණය කොට තිබෙනවා. මෙම තරගයේ එක පන්දුවක් හෝ යවා තිබුණේ නැහැ.
දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය මැයි 21 වනදා පැවැත්වීමට නියමිතයි.