රණවිරුවාගේ සේවය නිසිලෙස ඇගයීමක් නොකිරීමේ පාඩුව පසුගියදා දැකගැනීමට හැකිවූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද මහනුවර පැවැති රණවිරු සැමරුම් උත්සවයේදීයි.
කොටි ත්‍රස්තවාදය නිමා කර වසර දහයක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කෙරුණු විශේෂ රණවිරු සැමරුම් උළෙලක් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, මයිලපිටිය රණවිරු ස්මාරකය අසළදී අද පැවැත්වුණි.
එහිදී විපක්ෂ නායකවරයා විසින් මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් හට සම්මාන පිරිනැමීමද සිදු කළේය.
වෙසක් දිනය දා රණවිරු දිනය සැමරීම එක්තරා වාසනාවක් ලෙස ඔහු පැවසීය.
අද රණවිරුවන්ගේ වටිනාකම රටේ ජනතාවට නැවත වතාවක් මතක් වු බවත් රණවිරුවන් ලබාදුන් නිදහස ඇතැම් අයට අමතකව ඇති අතර රණවිරුවන්ට චෝදනා එල්ල කරමින් හිරබත් කද්දි කණගාටුවට පත්වන බවත් ඒ මහතා පැවසීය.
රණවිරුවන්ට චෝදනා කර වීරත්වය පහත හෙලන්න ඇතැම් පිරිස් පියවර ගත් බවත් රණවිරුවන්ගේ සේවය ඇගයුවේ නැති පාඩුව පසුගිය දිනවල දැකගත හැකි වු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.