වාර්ෂිකව සිදුකරනු ලබන සමීක්ෂණයක තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
ඒ අනුව වැඩිම මද්‍යසාර පරිභෝජනයක් සහිත රටවල් අතරට අසල්වැසි ඉන්දියාවද අයත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගෝලීය මත්පැන් පරිභෝජනය පිළිබඳව වාර්ෂිකව සිදුකරනු ලබන සමීක්ෂණයකින් වැඩිම මද්‍යසාර පරිභෝජනයක් සහිත ජනතාවක් සිටින රට බවට එක්සත් රාජධානිය හඳුනාගෙන ඇත.
රටවල් 36ක් පදනම් කරගෙන සිදුකරනු ලැබූ මෙම අධ්‍යයනයේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ අමෙරිකාවටයි.
තෙවැනි ස්ථානය කැනඩාව විසින් හිමිකර ගෙන ඇත.
සිවුවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවටද, පස්වැනි ස්ථානය ඩෙන්මාර්කයට හිමිවද්දී හයවන ස්ථානය ගෙන එම ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට අසල්වැසි ඉන්දියාව සමත් වුණි.
ලැයිස්තුවේ පෙරමුණ ගෙන ඇති රටවල් 10 අතරට පැමිණි සෙසු රටවල් වන්නේ අයර්ලන්තය මෙකිසිකෝව චෙක් ජනරජය සහ ෆින්ලන්තයයි.
මෙම ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථානවල සිටින රටවල් බහුතරයක් යුරෝපා රටවල් වීම විශේෂත්වයකි.
ලන්ඩන් නුවර පදනම් කරගත් පර්යේෂකයින් පිරිසක් මෙම සමීක්ෂණය සිදුකර ඇති බවට සඳහන්ය.
ඔවුන් ඒ සඳහා එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්ස්, සහ උතුරු අයර්ලන්තයේ වාසය කරන 5400කගේ සහ ගෝලීය වශයෙන් 1 20 000කට අධික පිරිසකගේ දත්ත යොදාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.