ලබා දුන් නිදහස පිළිබඳව රටට වටිනාකමක් නැතුව ගියා

නිදහසේ වටිනාකම නොතේරීම හේතුවෙන් ශ්‍රී ලංකාව අද වන විට යම්කිසි අවදානමකට ලක්ව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

තිස් වසරක් පුරා රට තුළ පැවති යුද්ධය අවසන් කර පසු වසර දහයක් පුරා රට තුළ කිසිදු භීෂණයක් නොතිබු බවත් මේ වන විට නව ත්‍රස්තවාදයක් ගොඩනැගී ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

මීට හේතුව ලබාදුන් නිදහස පිළිබඳව රටට වටිනාකමක් නොතිබීම බවත් ආණ්ඩුව මේ පිළිබඳ අවධානය යොමු නොකළ බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

තංගල්ල කාල්ටන් නිවසේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ජනතාව තුළ පවතින බිය තුරන් කිරීම සඳහා එළඹෙන අඟහරුවාදා දිනයේ රට වෙනුවෙන් තම පක්ෂය විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවත්ය.

Leave A Reply

Your email address will not be published.